"පොඩ්ඩක් ඉඳහං බං දොර අරිනකං!". මල්ලිත් එක්ක බෑ නෙ ඉතින්. "ඇයි බං මුට ඊයෙ රෑ පොලිෂ් එක මගෙන් ඉල්ල ගන්න තිබ්බෙ නැද්ද ?!". මට ඕක හිතුනෙ මං දොර ඇරල මල්ලිගෙන් ඇයි කියල අහුවම පොලිෂ් එක ඉල්ලපු හින්ද...
කොහොමින් හරි අම්මයි, තාත්තයි, මල්ලියි ගෙදරින් පිටත් උනා කියමුකො. ඔන්න දැන් මගෙ වෙලාව. (පල් හිනාවක් :}) අද අම්මලට ඉස්කෝලෙ උනාට මට තාම නිවාඩු... ඕන ගින්නක් පරාදයි බඩගින්නට. මොන රෙද්දක් කරන්නත් කලින් බඩේ පනුවන්ව සන්තෝස කරල ඉන්න එපැයි. උනුත් නිකන් අර රාජ්‍ය ආයතන වල නිලධාරී බුවාල වගේ. අතට සම්තිං එක හම්බෙනකං ඤං ඤුං. බඩේ පණු රොත්තත් ඒ වගේම තමා. මොනා හරි බඩට දානකන් කෑ ගහන එක විතරයි උන් දන්නෙ... මම ගියා රෑට ඇඳන් හිටපු සරම පිටින්ම කුස්සියට. කන්න මෙලෝ දෙයක් නෑ නෙ!!! අම්මලට පරක්කු හිංද මුකුත් උයල නෑ. මොන දෙයියන්ට කියන්ඩද ඉතින්... මම ඇඳගත්ත ෂෝටක්. ඊයෙ ක්ලාස් ඇඳන් ගිය කලු ටී ෂර්ට් එකත් ඇඳගත්ත. ගියා කඩේ පැත්තෙ. අපෝ කඩේ බුවා තාම කම්මැලි කඩනව. ගිහින් කිව්ව "අංකල්, දෙන්නකො මාරි බිස්කට් පැකට් එකක්..."
"මාරි නෑ මල්ලි. ඉඟුරු බිස්කට් එකක් දෙන්නද? උදේ පාන්දර මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු!" කියල අන්කලේ, මෑන්ගෙ පෙරිය සයිස් රා බඩත් හොල්ල හොල්ල හිනා වෙන්ඩ ගත්ත. මිනිහගෙ දුවට අපේ මල්ලිට වඩා පොඩ්ඩක් බාල (අවුරුදු දෙකක් විතර වෙන්ඩ ඇති මගෙ හිතේ) පුතෙකුත් ඉන්නව. මෑන් මට මල්ලිලු! හිහි... මම හිනාව තද කරගෙන කිව්ව "එපා අන්කල්, ගිහින් එන්නම්" කියල. එන දිගට මට කටින් හිනා වෙලා මදි හින්ද අනිත් පත්තෙනුත් හිනා. (දිව පොඩ්ඩක් එලියට. :P මෙන්න මේ වගේ)ගෙදර ආව. පට්ට බඩගිනියි. බැලුව පොකට් එක. කාසියක්වත් නෑ. ඒ වෙලාවෙ මට හිතුන බ්ලොග්ගුවක් ලියන්න. මේ තාම ලියන්නෙ ඒක තමා.
![]() |
| මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු |


No comments:
Post a Comment