Thursday, July 10, 2014

ලියමි නැවතත්...

සෑහෙන කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්න හිතුනා. මේ ගෙවෙන කාලෙ ගැන නම් කියලා වැඩක් ඇත්තෙම නෑ. මෙලෝ රහක් නැති රාහු, චන්ද්ර, කුජ, ගුරු, බුද, ශනි යනාදී එකී මෙකී නොකී ග්රහයො ඔක්කොම නීච වෙලා අපල කාලයක් සෙට් වෙලා තියෙන්නේ.
කාලා බීලා සැපෙන් සතුටෙන් ඉන්න ඕනි කාලෙ මේ කොහෙද යන ඒ ලෙවෙල් රෙද්දක් බදාගෙන අපිට ඉන්න වෙලා නෙ. ශික්! යකෝ මෙන්න මේවට තමා පෙර කරපු කරුම කියන්නෙ! මිහිපිට අපාය කියන්නෙ මේවට තමා. 
ගෙවල් වල මිනිස්සු බනිනවා පාඩම් කරන්නෑ කියලා. එයාල කොහොමද දන්නෙ අපි පාඩම් කරනවද නැද්ද කියලා. අපි පාඩම් කරනව. හැබැයි එකම අවුල ඒව අපේ මොලේ ගබඩා වෙන්නෙ නැති එක. අපි මොනා කරන්නද බන්. එන විදියකට මේ කරුමෙ ගෙවලා දානව. 

No comments:

Post a Comment