පටන් ගත්ත... ලියන්න දෙයක් නෑ නෙ! දැන් මොකො කරන්නෙ. බැලුව මල්ලි ඉන්නවද කියල. ම්හ්හු... ඌත් නෑ. අම්ම එක්ක එළ ගෝරියක්. හේතුව, අම්ම මල්ලිට පාඩමක් දෙකක් බලාගන්න කියල, ඌ ඒකට මළ අල්ලලා..
අන්න එළකිරි මාතෘකාව!
"පාඩම තරම් එපා කරපු වෙන දෙයක් අපිට නෑ". මල්ලිගෙ කටින් හිටු කියල එළියට පැන්න වචන ගොඩෙන් මට පැහැදිලිව ඇහිච්ච වචන දෙක තුනක්. උගෙ අතින් ඒක හරි. ඒත් අම්මට ඒක තවත් එක බොරු එක්ස්කියුස් එකක් විතරයි.
මම හවස ගියා එහා පැත්තෙ ගෙදරට. එහෙ අයිය ඒ ලෙවල් කරල චපාන් එකේ ගෙදරට වෙලා ඉන්නෙ. ඉතින් උගෙන් ගානක් දෙකක් අහගන්නෙයි කියල තමා එහෙට සෙට් උනෙ. මගෙත් වෙලාව! අද ලංකාදීපෙ ලග්න ඵලාපල වල තිබ්බ ඇනුම් බැනුම් වලට ෆුල් සූට් සෙට් වෙලා ඉඳපිය කියල... අරෙහෙට ගියා විතරයි මේකා කියපි "පල පල... දැන්වත් පාඩම් වලින් නිදහස් වෙන්න දියකො!"කියල. මාත් ඉතින් "හාකො" කියල ආව ගෙදර. ඔය අතරෙ තමා මලයයි අම්මයි වලිය දාගෙන තියෙන්නෙ.
ඔන්න දැන් තමා මට සෙට් වෙන්නෙ අපි පාඩමක් කරන්න කොච්චර කම්මැලිද කියල... කොටින්ම කියනව නම් දැන් මේ ප්ලාස්ටික් කෑලි වලින් වහල තියෙන මේ සර්කිට් ගොඩයි, ස්ක්රීන් එකයි ඉස්සරහ දැන් පැය තුනක් විතර නාස්ති කෙරුව නෙ... හුටා... හෙට ක්ලාස් නේද? :ඕ මළා ජෝං කොතලාවල! සර් බුවා දෙයි හොඳ ගුට්ටක් පාඩං කරන් ගියෙ නැත්තන් මෑන් දුන්නු අරව මෙව්ව ටික... ඔය ඉතින්! එතනත් පාඩමක් නෙහ්!!!
No comments:
Post a Comment