Tuesday, September 3, 2013

මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු සහ අයියා... :ඩී

                           ජිල්බු ට​ නම් දවස උදේ පාන්දරම අඤ්ඤකොරොස් උනා. "අයියේහ්!". කවුද යකෝ මේ උදේ පාන්දරම ඩෙඟා නටන්නෙ? මාර සිද්ධිය​! අද ඉස්කෝල පටන් ගන්නව නේද​? වැස්සත් එක්ක. මළ පනිනව...
                               "පොඩ්ඩක් ඉඳහං බං දොර අරිනකං!". මල්ලිත් එක්ක බෑ නෙ ඉතින්. "ඇයි බං මුට ඊයෙ රෑ පොලිෂ් එක මගෙන් ඉල්ල ගන්න තිබ්බෙ නැද්ද ?!". මට ඕක හිතුනෙ මං දොර ඇරල මල්ලිගෙන් ඇයි කියල අහුවම පොලිෂ් එක ඉල්ලපු හින්ද...
                                කොහොමින් හරි අම්මයි, තාත්තයි, මල්ලියි ගෙදරින් පිටත් උනා කියමුකො. ඔන්න දැන් මගෙ වෙලාව. (පල් හිනාවක් :}) අද අම්මලට ඉස්කෝලෙ උනාට මට තාම නිවාඩු... ඕන ගින්නක් පරාදයි බඩගින්නට. මොන රෙද්දක් කරන්නත් කලින් බඩේ පනුවන්ව සන්තෝස කරල ඉන්න එපැයි. උනුත් නිකන් අර රාජ්‍ය ආයතන වල නිලධාරී බුවාල වගේ. අතට සම්තිං එක හම්බෙනකං ඤං ඤුං. බඩේ පණු රොත්තත් ඒ වගේම තමා. මොනා හරි බඩට දානකන් කෑ ගහන එක විතරයි උන් දන්නෙ... මම ගියා රෑට ඇඳන් හිටපු සරම පිටින්ම කුස්සියට. කන්න මෙලෝ දෙයක් නෑ නෙ!!! අම්මලට පරක්කු හිංද මුකුත් උයල නෑ. මොන දෙයියන්ට කියන්ඩද ඉතින්... මම ඇඳගත්ත ෂෝටක්. ඊයෙ ක්ලාස් ඇඳන් ගිය කලු ටී ෂර්ට් එකත් ඇඳගත්ත. ගියා කඩේ පැත්තෙ. අපෝ කඩේ බුවා තාම කම්මැලි කඩනව. ගිහින් කිව්ව "අංකල්, දෙන්නකො මාරි බිස්කට් පැකට් එකක්..."
                     "මාරි නෑ මල්ලි. ඉඟුරු බිස්කට් එකක් දෙන්නද​? උදේ පාන්දර මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු!" කියල අන්කලේ, මෑන්ගෙ පෙරිය සයිස් රා බඩත් හොල්ල හොල්ල හිනා වෙන්ඩ ගත්ත. මිනිහගෙ දුවට අපේ මල්ලිට වඩා පොඩ්ඩක් බාල (අවුරුදු දෙකක් විතර වෙන්ඩ ඇති මගෙ හිතේ) පුතෙකුත් ඉන්නව. මෑන් මට මල්ලිලු! හිහි... මම හිනාව තද කරගෙන කිව්ව "එපා අන්කල්, ගිහින් එන්නම්" කියල. එන දිගට මට කටින් හිනා වෙලා මදි හින්ද අනිත් පත්තෙනුත් හිනා. (දිව පොඩ්ඩක් එලියට. :P මෙන්න මේ වගේ)
ගෙදර ආව. පට්ට බඩගිනියි. බැලුව පොකට් එක. කාසියක්වත් නෑ. ඒ වෙලාවෙ මට හිතුන බ්ලොග්ගුවක් ලියන්න. මේ තාම ලියන්නෙ ඒක තමා.
මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු
                                   පොඩි අවුලක්! අම්මලට අද ස්ටාෆ් මීටිංලු! දැන් නම් ඉතින් ඉඟුරු බිස්කට්ම තමා කන්න වෙන්නෙ. කඩේ 'අයිය​' :P කඩේ වහනව දවල්ට කෑම කන්න. ඊට කලින් ගිහින් ගන්න ඕනි. "මගෙ ඉඟුරු බිස්කට්! මන් එනව ඔයාව හොයාගෙන! ඔහොම්මම ඉන්ඩෝ! කඩේ අයියෙ කඩේ වහන්ඩ එපෝ..."

                             

Sunday, September 1, 2013

මොකක්? පාඩම්? ඒ මොකද්ද ඒ?

                        පටන් ගත්ත​... ලියන්න දෙයක් නෑ නෙ! දැන් මොකො කරන්නෙ. බැලුව මල්ලි ඉන්නවද කියල​. ම්හ්හු... ඌත් නෑ. අම්ම එක්ක එළ ගෝරියක්. හේතුව, අම්ම මල්ලිට පාඩමක් දෙකක් බලාගන්න කියල​, ඌ ඒකට මළ අල්ලලා..

                       අන්න එළකිරි මාතෘකාව!​
"පාඩම තරම් එපා කරපු වෙන දෙයක් අපිට නෑ". මල්ලිගෙ කටින් හිටු කියල එළියට පැන්න වචන ගොඩෙන් මට පැහැදිලිව ඇහිච්ච වචන දෙක තුනක්. උගෙ අතින් ඒක හරි. ඒත් අම්මට ඒක තවත් එක බොරු එක්ස්කියුස් එකක් විතරයි.
                       මම හවස ගියා එහා පැත්තෙ ගෙදරට. එහෙ අයිය ඒ ලෙවල් කරල චපාන් එකේ ගෙදරට වෙලා ඉන්නෙ. ඉතින් උගෙන් ගානක් දෙකක් අහගන්නෙයි කියල තමා එහෙට සෙට් උනෙ. මගෙත් වෙලාව! ​​අද ලංකාදීපෙ ලග්න ඵලාපල වල තිබ්බ ඇනුම් බැනුම් වලට ෆුල් සූට් සෙට් වෙලා ඉඳපිය කියල​... අරෙහෙට ගියා විතරයි මේකා කියපි "පල පල​... දැන්වත් පාඩම් වලින් නිදහස් වෙන්න දියකො!"කියල​. මාත් ඉතින් "හාකො" කියල ආව ගෙදර​. ඔය අතරෙ තමා මලයයි අම්මයි වලිය දාගෙන තියෙන්නෙ.
                         ඔන්න දැන් තමා මට සෙට් වෙන්නෙ අපි පාඩමක් කරන්න කොච්චර කම්මැලිද කියල​... කොටින්ම කියනව නම් දැන් මේ ප්ලාස්ටික් කෑලි වලින් වහල තියෙන මේ සර්කිට් ගොඩයි, ස්ක්‍රීන් එකයි ඉස්සරහ දැන් පැය තුනක් විතර නාස්ති කෙරුව නෙ... හුටා... හෙට ක්ලාස් නේද​? :ඕ මළා ජෝං කොතලාවල​! සර් බුවා දෙයි හොඳ ගුට්ටක් පාඩං කරන් ගියෙ නැත්තන් මෑන් දුන්නු අරව මෙව්ව ටික​... ඔය ඉතින්! එතනත් පාඩමක් නෙහ්!!!