Tuesday, July 15, 2014

ආවෙමි බලන්ට පිචර් එකක්. තට්ට තනියම...

ජිල්බුගෙ අද දවස පොඩිත්තක් අවුල ගැහුව. ප්ලෑන ගහපු විදියට වැඩේ ගියෙ නෑ. ග්ලාස් හවුස් බැස්සා ටවුන් හෝල් එකෙන් නැගපු 138 බස් එකෙන්. එතන ඉඳන්ම මම ආවෙ පයින්. මැරීන් ඩ්රයිව් එකේ ඇවිදගෙනම. මොනා කරන්නද ඉතින්. ආ ගිනි සැපයි කියල හිතන් මං ආවා සැවෝයි ටීටර් එකට. බඩේ පණුවො 3 වෙනි ලෝක යුද්දෙ පටන් ගන්න හදනව. ආව කූල්ස්පොට් නමින් හඳුන්වන මෙව්ව එකකට. ඕන් ඇවිල්ල කෑවලු උණු බල්ලෙක්. අප්පාහ්! චාටර් 32යි. ඒක කෑවට වඩා හොඳයි කලු ගල් කෑල්ලක් කෑව නම්.  ඒක කාල බිව්ව ජින්ජර් බියර් එකක්! අප්පෝ! ඒ මගුල නිකන් රා වගේ. මේකෙන් ගත්තට මට ගහන්න ඔනි. මම තාම එතන. අරින්නෙ 10ට ලු ටීටර් එක. 530ලු ටිකැට් එක. ඕං ඔහොමයි ජිල්බුවාරාගෙ උදේ ගෙවුනෙ. දැන් යන්න ඔනි. පිචැර් එක බලන්ටත් එපෑ! 


Thursday, July 10, 2014

ලියමි නැවතත්...

සෑහෙන කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්න හිතුනා. මේ ගෙවෙන කාලෙ ගැන නම් කියලා වැඩක් ඇත්තෙම නෑ. මෙලෝ රහක් නැති රාහු, චන්ද්ර, කුජ, ගුරු, බුද, ශනි යනාදී එකී මෙකී නොකී ග්රහයො ඔක්කොම නීච වෙලා අපල කාලයක් සෙට් වෙලා තියෙන්නේ.
කාලා බීලා සැපෙන් සතුටෙන් ඉන්න ඕනි කාලෙ මේ කොහෙද යන ඒ ලෙවෙල් රෙද්දක් බදාගෙන අපිට ඉන්න වෙලා නෙ. ශික්! යකෝ මෙන්න මේවට තමා පෙර කරපු කරුම කියන්නෙ! මිහිපිට අපාය කියන්නෙ මේවට තමා. 
ගෙවල් වල මිනිස්සු බනිනවා පාඩම් කරන්නෑ කියලා. එයාල කොහොමද දන්නෙ අපි පාඩම් කරනවද නැද්ද කියලා. අපි පාඩම් කරනව. හැබැයි එකම අවුල ඒව අපේ මොලේ ගබඩා වෙන්නෙ නැති එක. අපි මොනා කරන්නද බන්. එන විදියකට මේ කරුමෙ ගෙවලා දානව.